
පළාත් සංචරණ සීමා නොතකා කොළඹත් මඩකලපුව අතර ධාවනය වූ සුඛෝපභෝගී මගී බස් රථ තුනක් පොලිස් භාරයට ගෙන ඒවායේ ගමන් කළ මගීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුකිරීමේදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් හදුනාගෙන තිබේ.
චෙංකලඩි – බදුල්ල මාර්ගයේ කරදියනාරු යුද හමුදා බාධකයක දී රාජකාරීයේ යෙදී සිටි යුද හමුදා නිලධාරීන් හා පොලීස් නිලධාරීන් විසින් එම බස්රථ අද (02) පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඔහු සදහන් කරන්නේ මෙම බස් රථ තුනට පළාත් සංචරණයට කිසිදු අවසරයක් හෝ බලපත්‍රයක් ලබාදී නැති බවය. පරීක්ෂාවට ලක්වන විට බස් රථ තුනේ මගීන් 49 දෙනෙක් ගමන් කරමින් සිට ඇත. ආසාදිතයන් හමුවී ඇත්තේ එක් බස් රථයකිනි. එම බස් රථයේ 20 දෙනෙක් ගමන් කරමින් සිට ඇත. ඒ අනුව එම බස් රථයේ සිටි සෙසු 17 දෙනා නිරෝධායනයට යොමු කර තිබේ.