Home COVID හෙද වර්ජනයෙන් එන්නත්කරණයට බාධා

හෙද වර්ජනයෙන් එන්නත්කරණයට බාධා

හෙද වර්ජනයෙන් එන්නත්කරණයට බාධා

අංජනා මල්ලවාරච්චි

හෙද වැඩ වර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත්කරන වැඩසටහනට ද අද බාධා එල්ල විය.

බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම එම පළාතේ රෝහල් 45ක දී සිදු කිරීමට කටයුතු යොදා තිබූ අතර අද එන්නත් ලබාදීමට සැලසුම් කර තිබූ රෝහල්වල දී එම වැඩසටහනට හෙද වර්ජනයෙන් බාධා එල්ල වූ බව සෞඛ්‍ය අංශ කියයි.

මේ අතර ආගම රාගම ශික්ෂණ රෝහලේ සහ තවත් කිහිපයකටම එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසකට හිස් අතින් නිවෙස්වලට යාමට සිදු වූ බවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.

කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල්වලින් පිටත සිදු කරන එන්නත් කරන මධ්‍යස්ථානවල ද බොහෝ පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් අතර නිසි දුරස්ථභාවයක් හෝ නොතිබූ බවද වාර්තා වේ.

වයස අවුරුදු 70ට වැඩි පිරිසට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සහ අනෙකුත් පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම එකම ස්ථානයකදී සිදු කිරීම නිසා බොහෝ පිරිසකට එකම ස්ථානයක බොහෝ වේලා ගත කිරීමට සිදු වූ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here