තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙළෙඳපොළේ රන් හිඟයක්

    වෙළෙඳපොළේ රන් හිඟයක්

    අංජනා මල්ලවආරච්චි

    රත්තරන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොලේ රත්තරන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි.

    රත්රන්වල හිඟය හේතුවෙන් රන් ආභරණකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව ද සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ සභාපති ඒ. විජයකුමාර් මහතා කීය.

    අලුතින් ආභරණ නිෂ්පාදනය කිරීමට රත්තරන් නොමැති හෙයින් රන් ආභරණ සඳහා ඇනවුම් භාර ගැනීම නතර වී තිබෙන බවද විජය කුමාර් මහතා කීය.

    මීට වසර 4-5 ක පමණ කාලයක සිට රත්‍රං ආනයනයට දැඩි සීමා පැන වූ අතර මේ දක්වා එම සීමාව ක්‍රියාත්මක බව ද ඔහු කීය.

    රත්රන් සඳහා සදහා පනවා තිබෙන 15% රේගු බද්ද මෑතකදී 5% දක්වා අඩු කළද රත්තරන් ආනයන නොකිරීම නිසා එහි වාසිය පවා ලබා ගැනීමට ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට නොහැකි වී ඇතැයි ද සභාපතිවරයා කීය.

    මේ වන විට වෙළඳපොලේ රන් පවුමක වටිනාකම 124,000 දක්වා පමණ ඉහළ ගොස් තිබෙන බවද විජය කුමාර් මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img