තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොහොර ආනයනයට වැය කෙරෙන මිලියන අසූදහස ගොවි යාට බව ජනපති කියයි

    පොහොර ආනයනයට වැය කෙරෙන මිලියන අසූදහස ගොවි යාට බව ජනපති කියයි

    වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අද (01) සදහන් කළේය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

    කාබනික වගා වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා වල්නාශක, කෘමිනාශක මෙන්ම කාබනික පොහොර ද අවශ්‍ය ප්‍රමාණයට, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

    කාබනික පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවෙනවා මෙන්ම ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා වැයවන මුදල් ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මෙම කාබනික පොහොර ව්‍යාපෘතියේදී ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබා ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදෙන බවටද ජනාධිපතිවරයා මෙහිදී සහතිකවිය. එසේම වැව් පිළිසකර කිරීමේදී ලක්ෂ 100ක් දක්වා කොන්ත්‍රාත් සඳහා අත්සන් තැබීමට ගොවි සමිතිවලට අවසරය ලබාදෙන බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

    පසුගිය රජය සමයේ ඇන හිටි “ගොවි රක්ෂණය“ අද සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම“ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන්නේය.
    ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවිමට රජයේ අවධානය යොමුව ඇති බව එම අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස මෙහිදී දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියහ. පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් විසින් පෙන්වා
    දෙනු ලැබිණ. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටියහ. යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img