Home උණුසුම් පුවත් බන්ධනාගාර නියාමක අයිස් එක්ක අලුත්ගමින් අල්ලයි

බන්ධනාගාර නියාමක අයිස් එක්ක අලුත්ගමින් අල්ලයි

බන්ධනාගාර නියාමක අයිස් එක්ක අලුත්ගමින් අල්ලයි

අයිස් නැමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බන්ධනාර නියාමකවරයෙක් ඇතුළු දෙදෙනෙක් කළුවාමෝදර ප්‍රදේශයේදී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර නියාමක අම්බලන්ගොඩඩ පදිංචිකරුවෙක් බවත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 10750 ක් තිබී ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. අනෙත් සැකකරු අලුත්ගම පදිංචිකරුවෙකි. ඔහු සතුව අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4300 ක් තිබී ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 40 ත් 33 ත් අතරේ පසුවන්නන්ය. බන්ධනාගාර නියාමක අත්අඩංගුවට ගන්නා විට නිවාඩු පිට සිට ඇති බවත් ඔහු මෙම මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටියේ භාවිතයටද නැති නම් ජාවාරමටද යන්න ගැන විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සදහන් කරයි.

අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ මෙහෙයැවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයංග , අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here