පහලොස් හැවරදි දැරියක් අන්තර් ජාලයෙන් ලිිංගික සේවය සදහා අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාවද අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තර් ජාලය ඔස්සේ දැරිවිය මිලදී ගෙන ඇය සමග එකට සිටීම සම්බන්දයෙන් ඔහුව ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරනු ලැබුවේ ඊයේ දිනයේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවය. ඒ අය අතර සභාපතිවරයා හැරුණු කොට ව්‍යපාරිකයින් දෙදෙනෙක්ද සිටින බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඒ එක් ව්‍යාපාරිකයෙක් බලංගොඩ පදිංචිකරුවෙක් වන මැණික් ව්‍යාපාරිකයෙකි. අනෙත් ව්‍යපාරිකයා හොරණ පදිංචි ප්‍රසිද්ධ වෙළද නාමයක් ඇති ආහාර අලෙවි ව්‍යාපාරයක හිමිකරුවෙක් බව ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ තොරතුරු සදහන් කළේය.
මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමත් සමග මෙම විමර්ශනයට අදාලව 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි අජිත් රෝහණ මහතා පවසයි. ඒ අතර දැරිවිය මේ ආකාරයට අළෙවි කිරීමට මුල් වූ ඇගේ මව සහ මවගේ අනියම් පුරුෂයාද සිටිති.
මෙසේ දැරිවියව කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ අළෙවිකර ඇති අතර ඇගේ සේවය ලබාගත් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය සදහන් කරයි.