Home උණුසුම් පුවත් මැදපෙරදිගින් එන අයට පැනවූ තහනම ලිහිල් වෙන්නේ මෙහෙමයි

මැදපෙරදිගින් එන අයට පැනවූ තහනම ලිහිල් වෙන්නේ මෙහෙමයි

මැදපෙරදිගින් එන අයට පැනවූ තහනම ලිහිල් වෙන්නේ මෙහෙමයි

මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට පසුගිය දින 14ක සිට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කෙරේ.

කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවුණි.

සිවිල් ගුවන්සේවා අධිකාරිය දන්වන ආකාරයට කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන් වෙත මෙම කොන්දේසි පනවා ඇත.

නමුත් ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක ය.

ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන් වෙත පනවා ඇති කොන්දේසි මෙසේය.

*ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා වලංගු නොවේ.

*එම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතුය. අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.

*පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ QR/Bar කේත එහි සඳහන් විය යුතුය.

*එසේ පැමිණෙන මගීන්ට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණි.

*මගියා ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here