Home දේශීය පුවත් හඩ්සන් සමරසිංහට නැවතත් ගුවන් විදුලියේ මුල් පුටුව

හඩ්සන් සමරසිංහට නැවතත් ගුවන් විදුලියේ මුල් පුටුව

0
හඩ්සන් සමරසිංහට නැවතත් ගුවන් විදුලියේ මුල් පුටුව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පත්කර තිබේ.

ඒ මහතා අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගත්තේය. හඩ්සන් සමරසිංහ මහතා මීට පෙර කිහිප වතාවක්ම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරයේ කටයුතු කළේය.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උන්නතිය වෙනුවෙන් තමා කැප වන බව වැඩ භාරගැනීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය අමතා ඔහු කීවේය, ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ඉල්ලීමට අනුව නැවත වරක් තමා මෙම ධුරයේ වැඩ භාර ගැනීමට කැමැත්ත පළ කළ බවද ඔහු එහිදී පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here