Home COVID බස්නාහිර අයට හෙට කොවිඩ් එන්නත් රජයේ රෝහල් 45කදී

බස්නාහිර අයට හෙට කොවිඩ් එන්නත් රජයේ රෝහල් 45කදී

බස්නාහිර අයට හෙට කොවිඩ් එන්නත් රජයේ රෝහල් 45කදී

අංජනා මල්ලවාරච්චි

බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි සියලුම පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ හෙට(30) රෝහල් 45 කදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනේ පිහිටි සියලුම ප්‍රධාන රෝහල් මහ රෝහල් සහ ප්‍රාදේශීය රෝහල්වල එම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන හෙයින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට රෝහල්වලට ගොස් ආරක්ෂිතව එන්නත් ලබාගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ජාතික හැඳුනුම්පත රැගෙන ළඟම පිහිටි රෝහල වෙත ගොස් එන්නත් ලබා ගන්නා ලෙස ද එම එන්නත් වැඩසටහන හෙට (29) උදෑසන 8.00 සිට පස්වරුව දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here