තවත්
    මුල් පිටුවදේශීය පුවත්වස විසෙන් තොර ගොවිතැනට සංඝරත්නයේ ආශිර්වාදය

    වස විසෙන් තොර ගොවිතැනට සංඝරත්නයේ ආශිර්වාදය

    වස විසෙන් තොර කාබනික පොහොර ගොවිතැනට යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය මහා සංඝරත්නය වශයෙන් විශේෂයෙන් අගය කරන බව අස්ගිරිය පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.

    වස විසෙන් තොර කාබනික පොහොර ගොවිතැනින් පරිසරය යහපත්වන බවත් , පස සරු වන බවත් , ජලය පවිත්‍ර වන බවත් උන් වහන්සේ සදහන් කරති.

    “වස විසෙන් තොර ආහාර වේලකින් ජනතාව සුවපත් කිරීමට නම් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයේ වැඩ පිළීවෙල කවුරුන් හෝ කොතනින් හෝ ආරම්භ කළ යුතුයි. ජනධිපතිතුමා ඒ අභියෝගය භාරගෙන කටයුතු ආරම්භකර තිබෙනව. කාබනික පොහොර භාවිතයෙන් ඇතැම් විට ක්ෂණික විසදුම් සෙවීම අපහසු විය හැකියි. තව පැත්තකින් මෙබදු යහපත් වැඩ කඩාකප්පල් කර දැමීමට ද ඉඩ තිබෙනවා. ඒ ගැන සැලකිල්මත් විය යුතුයි. කෙසේ වුවත් යම් කිසි කාල රාමුවක් සකසා ගෙන රසායනික භාවිතය වෙනුවට කාබනික භාවිතය ට ජනතාව යොමු කර ගැනීමට දැවැන්ත විප්ලවයක් ඇතිකර ගැනීමට සිදුව තිබෙනවා“ යැයිද අනුනායක හිමියෝ සදහන් කරති.

    “මේ කටයුත්තේදී නිලධාරීන් සහ පර්යේෂකයින් ද එකතු වී එකම අරමුණකින් යුතුව කැපවීමකින් වැඩ කටයුතු කල යුතුයි. ඒ වගේම තමයි ගොවි මහත්වරුන්ද අපහසුතාවන්ට පත්නොවන ක්‍රමානුකූල වැඩ පිළිවෙලකට යායුතු වෙනවා. භික්ෂූන් වහන්සේලා වශයෙන් අපේ ප්‍රාර්ථනාව , අපේ පැතුම මේ මහ පොළාව වස විසෙන් තොරව සුවපත් වෙනවා දැකීමයි.“ යැයිද අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ වැඩිදුරටත් සදහන් කළහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img