තවත්
    මුල් පිටුවCOVIDකොරෝනා පිළිබඳ චක්‍රලේඛ සිංහලෙන් ඉල්ලයි

    කොරෝනා පිළිබඳ චක්‍රලේඛ සිංහලෙන් ඉල්ලයි

    අංජනා මල්ලවාරච්චි

    නිරෝධායන පනත සහ කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන චක්‍රලේඛ සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම ජනතාව ද විශාල ගැටලුවකට මුහුණපා ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

    කොරෝනා සම්බන්ධයෙන් ජනතාව කරන වැරදි වැරදි නිවැරදි කිරීමට යාමේදී හා නීති පියවර ගැනීමට යාමේදී චක්‍රලේඛවල සිංහල පිටපත තිබීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අවස්ථා රැසක් තිබෙන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්ඒයූපී කුලතිලක මහතා පැවසීය.

    යම් වරදක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් වන විට කතාවට කුමන නීතියක් යටතේ එම පියවර ගන්නේද පැහැදිලි කිරීමට චක්‍රලේඛවල සිංහල පිටපත් අවශ්‍ය බවද කුලතිලක මහතා කීය.

    කොවිඩ් සම්බන්ධ චක්‍රලේක සිංහල භාෂාවෙන් ද නිකුත් කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් හා සෞඛ්‍යය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණද තිබුණ ද එය මේ දක්වා ක්‍රියාත්මක නැතැයි ද නැතැයිද කුලතිලක මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img