Home දේශීය පුවත් කොවිඩ් එන්නත් කරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක ණයක්

කොවිඩ් එන්නත් කරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක ණයක්

0
කොවිඩ් එන්නත් කරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක ණයක්

කොවිඩ් 19 එන්නත් ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සදහා ඊයේ (28) රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.

එය මෙසේය.

ප්‍රතිසාධනය සඳහා වූ ප්‍රතිචාරාත්මක COVID – 19 එන්නත් ව්‍යාපෘතිය’ (RECOVER) ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.

එම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 84ක් ආසියානු පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකම යටතේ ද, ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් අරමුදලේ නිත්‍ය දේශීය ප්‍රතිපාදන යටතේ ද ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 161.85ක් වන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.85ක් දරනු ඇත. එන්නත්කරණය සඳහා වන පිරිවැය දැරීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැලසීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය මුදල යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here