තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශ විනිමය ප්‍රේෂණ සඳහා පැනවූ සීමා තවත් මාස 6කට දීර්ඝයි

    විදේශ විනිමය ප්‍රේෂණ සඳහා පැනවූ සීමා තවත් මාස 6කට දීර්ඝයි

    විදේශ විනිමය ප්‍රේෂණ අත්හිටුවීමේ නියෝගය තවදුරටත් ලබන ජුලි මස 02 දින සිට මාස 06ක කාලයකට දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඊට අදාළව මුදල්‌ අමාත්‍ය වශයෙන්‌ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්‌ කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කර ඇත.

    කොවිඩ්‌ – 19 වසංගතය හේතුවෙන්‌ රටේ විදේශ සංචිත හා විදේශ විනිමය වෙළෙඳපොළට සිදු විය හැකි සෘණාත්මක බලපෑම සෑලකිල්ලට ගෙන මෙම පියවර ගැනිණ.

    ඇතැම්‌ ගනුදෙනුවලට සම්බන්ධිත බාහිර ප්‍රේෂණ අන්හිටුවීම සඳහා 2017 අංක 19 දරන විදේශ විනිමය පනනේ 55 වන වගන්තිය යටතේ නියෝග පනවා ඇත.

    එම නියෝගවල වලංගු කාල සීමාව මේ වසරේ ජූලි මස 01 දින අවසන්‌ වීමට නියමිතව තිබුණි.

    විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති විය හැකි අවදානම අවම කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගැනීම පිණිස එකි නියෝග තවදුරටන්‌ ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අදහස්‌ කරනු ලැබූ අතර මේ පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img