Home COVID බස්නාහිර වැඩිහිටියන්ට ඉදිරි දින 3 දී සයිනොෆාම් එන්නත්කරණය ඇරඹේ

බස්නාහිර වැඩිහිටියන්ට ඉදිරි දින 3 දී සයිනොෆාම් එන්නත්කරණය ඇරඹේ

බස්නාහිර වැඩිහිටියන්ට ඉදිරි දින 3 දී සයිනොෆාම් එන්නත්කරණය ඇරඹේ

බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 60 ට වැඩි අය සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි තෙදින තුල සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා මේ බව කීය.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන එන්නත් මධ්‍යස්ථානය තුල දී එම එන්නත ලබාදීමට කටයුතු යොදා ඇත.

එම එන්නත් ලබාගැනීමේ මධ්‍යස්ථාන පිළිබදව ඔබ අයත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා එන්නත් මධ්‍යස්ථානවල විස්තර ලබාගත හැකි බවද විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here