Home දේශීය පුවත් කට්ටඩියාගේ ඝාතනයට අනියම් බිරිය සහ විශ්‍රාමික නාවික සෙබලෙක් අත්අඩංගුවට

කට්ටඩියාගේ ඝාතනයට අනියම් බිරිය සහ විශ්‍රාමික නාවික සෙබලෙක් අත්අඩංගුවට

0

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට හංවැල්ල ඇඹුල්ගම කුළී නිවසකට කඩා වැදී කට්ටඬියකු පැහැරගෙන ගොස් දෑත් දෙපා ගැටගසා හිසට කුලු ගෙඩියකින් පහරදී ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු අද (28) නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත් අය අතර කට්ටඩියාගේ අනියම් බිරිද සහ විශ්‍රාමික නාවික සෙබලාගේ ඥාතියෙක්ද සිටින බව පොලීසිය සදහන් කරයි.

කට්ටඩියාව පැහැර ගැනීමට යොදා ගත් යතුරු පැදියද කට්ටඩියාගේ හිසට පහරදීමට යොදා ගත් කලු ගෙඩියද පොලීසිය සොයා ගෙන ඇත. ඊට අමතරව කට්ටඩියාගේ දෑත්දෙපාවලට දමා තිබූ දම්වැල්වල ඉබ්බන්ගේ යතුරුද සොයාගෙන තිබේ. කුලු ගෙඩිය රනාලේ වෙළද සැලකින් මිලදී ගෙන ඇත. කට්ටඩියාගේ මළ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය සැක කර ඇත්තේ කුලු ගෙඩිි පහරවල් නිසා බව ද අනාවරණය වී ඇත.

මෙමඝාතනයට මුල්වී ඇත්තේ කට්ටඩියාගේ අනියම් බිරිදට විශ්‍රාමික නාවික සෙබලාද පෙම්කරන්නට යාම බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. විශ්‍රාමික නාවික සෙබලාද විවහාකයෙක් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here