අංජනා මල්ලවාරච්චි
මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් හැත්තෑ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන කර්මාන්ත ශාලාවක් වන එහි සේවක සේවිකාවන් අවස්ථා දෙකකදී පරීක්ෂාවට ලක් කළ අතර කල අතර එහිදී ආසාදිතයන් හඳුනාගත හැකිවූ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාවේ කටයුතු අද පස්වරුවේ වන විටත් සිදු වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ පිළිබඳ අප කළ විමසුමකදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනූ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම කර්මාන්ත ශාලාවක් ශාලාව වසා දමන්නැයි එහි පාලනාධිකාරියට දැනුම් දී තිබෙන බවය.