Home COVID මුරුතලාවේ මව-පියා-පුතු කොවිඩ් නිසා මියයාම ගැන රජයෙන් වාර්තාවක් කැඳවයි

මුරුතලාවේ මව-පියා-පුතු කොවිඩ් නිසා මියයාම ගැන රජයෙන් වාර්තාවක් කැඳවයි

මුරුතලාවේ මව-පියා-පුතු කොවිඩ් නිසා මියයාම ගැන රජයෙන් වාර්තාවක් කැඳවයි

අංජනා මල්ලවආරච්චි

මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදිත ව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නනැයි සෞඛ්‍ය ඇමැතිවරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට ලබාගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පස්වරුවේ ම කටයුතු කර තිබිණ.

මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය ඇමැතිවරියට වාර්තාවක් ලබාදීමටද නියමිතය ප්‍රදේශයේ පදිංචි සිරිපාල රාජපක්ෂ (71) ඔහුගේ බිරිඳ චන්ද්‍ර රාජපක්ෂ (68) ඔවුන්ගේ පුතු වන ධම්මික රාජපක්ෂ (39) යන අයවලුන් ඉකුත් දිනවල දී කොරෝනා ආසාදිත ව මිය ගොස් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here