Home COVID කොවිඩ් රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රැකබලා ගැනීමේ වැඩසටහනක්

කොවිඩ් රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රැකබලා ගැනීමේ වැඩසටහනක්

කොවිඩ් රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල රැකබලා ගැනීමේ වැඩසටහනක්

අංජනා මල්ලවාරච්චි

කොවිඩ් ආසාදිත රෝගීන් ඔවුන්ගේම නිවෙස්වල රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැක බලා ගැනීමේ නව වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කොවිඩ් රෝගීන් නිවාසවල රඳවා ඔවුන් සමග 1390 කෙටි දුරකතන අංකය ඔස්සේ සම්බන්ධතා ඇති කර ගනිමින් රෝග ලක්ෂණ පිළිබඳව විමසා වැඩිපුර රෝග ලක්ෂණ පෙන්වන සහ වයස අවුරුදු 60ට වැඩි රෝගීන් ඉක්මනින් රෝහල්ගත කිරීමටත් නව වැඩපිළිවෙළ යටතේ අවස්ථාව හිමිවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

නිවෙසවල රැඳී සිටින කොවිඩ් රෝගීන් සමඟ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් දිනපතා දුරකථනයෙන් කරුණු විමසන අතර අවශ්‍ය රෝගීන් පමණක් රෝහල් වලට යොමු කිරීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මෙම වැඩපිළිවෙල සඳහා වෛද්‍යවරුන් 4000කට අධික සංඛ්‍යාවක් දායකත්වය ලබාදෙන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මේ සදහා සහය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here