තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPතෙල් මිලෙන් වැටුණ මිනිහට ධාවන ටෙස්ට් එකෙන් ඇනීම

    තෙල් මිලෙන් වැටුණ මිනිහට ධාවන ටෙස්ට් එකෙන් ඇනීම

    ආණ්ඩුවට සම්බන්ධ ජනප්‍රිය සංගීත නිෂ්පාදකයෙකුගේ ඉල්ලීමකට අනුව මාර්ග ධාවන යෝග්‍යතා පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවමින් සියලුම වාහන හිමියන්ගෙන් අදාළ වාර්තාවට මුදල් අය කර ගැනීමේ යෝජනාවක් ප්‍රවාහන අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ප්‍රවාහන අමාත්‍යංශයේ අදාළ ඉල්ලීමට අනුව මෙම වැඩසටහන ඔස්සේ උපයා ගනු ලබන අදායම වියදම අඩු කිරීමෙන් පසු ආයෝජකට සියයට 70ක් ද, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සියයට 20ක් ද, ඉතිරි සියයට 10 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ද ලැබෙන පරිදි බෙදී යනු ඇත.

    අදාළ ආයෝජකයා ලෙස මෙම මුදලට හිමිකම් පෑමට බලා සිටිනුයේ ඩිජිටල් මාධ්‍යට සම්බන්ධ අදාළ ජනප්‍රිය සංගීත නිෂ්පාදකයාය.

    කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව තෙල් මිල ඉහළ යෑම නිසා ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය පළ කර තිබියදී ඔවුන්ට මෙවන් තවත් බද්ධක් පැනවීම සුදුසු නොමැති බව ආණ්ඩුවේ ප්‍රභලයන් පෙන්වා දී තිබේ.

    එසේ තිබියදී ත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඇතුළු පිරිස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.ඒ අනුව සියලුම ඩිපෝ සතු කාර්මික වැඩපොළවල් පළමු අදියරේ දී මෙම වැඩසටහනට යොදා ගැනීමත්, දෙවැනි අදියරේ දී ඉදිරියේ දී ලියාපදිංචි කර ගැනීමට බලාපොරොත්තුවන ඒ හා බී ශ්‍රේණියේ ගරාජ මගින් දැනට වායු විමෝචන සහතික නිකුත් කරන ආයතන සම්බන්ධ කර ගනිමින් ඒවා මාර්ග ධාවන යෝග්‍යතා පරීක්ෂණ මධ්‍යස්ථාන බවට පත්කිරීමටත් නියමිතය.

    පළමු අදියරේ දී ඩීසල් වාහන සඳහා පමණක් නව නීතිය ගෙන එමින් අනතුරුව සෙසු වාහන සඳහා ද මෙම වාර්තාව ලබා ගැනීම අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැළසුම් කර ඇත.

    රට තුළ ටයර් හිඟයක් පවතින බවට පසුගිය දා වාර්තා වූ අතර පවතින වායු විමෝචන සහතිකය ලබා ගැනීමට හෝ වාහනයක් එම මධ්‍යස්ථානයට ගෙන ඒමට ආර්ථික ශක්තියක් නොමැති ජනතාව මත මෙවැනි බද්ධක් පැනවීම තෙල් මිලෙන් බිමට වැටුණු මිනිහට මාර්ග ධාවන යෝග්‍යතා පරීක්ෂණ වාර්තාවෙන් ඇනීමකි.

    ඒ නිසා වගකිවයුතු පුද්ගලයන් දැන්වත් මෙවැනි කාලෝචිත නොවන යෝජනා ක්‍රියාවට නැංවීමට පෙර දෙවරක් විමසා බැලීම වටී. එසේ නොවන්නේ නම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේවායේ අපවාද එල්ලවීම වළක්වනු බැරි බව සමාජ විශ්ලේශකයන්ගේ අදහස වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img