Home උණුසුම් පුවත් රන් ආබරණ සොරාගන්නා මේ පවුල ගැන දන්නවාද?

රන් ආබරණ සොරාගන්නා මේ පවුල ගැන දන්නවාද?

රන් ආබරණ සොරාගන්නා මේ පවුල ගැන දන්නවාද?

පිටකොටුව පොලිස්‌ වසමේ හෙට්ටිවීදිය පිහිටි ස්වර්ණාභරන වෙළෙඳ සැලක ප්‍රදර්ශනයට තබා තිබු රුපියල්‌ 275.000/- ක්‌ චටිනා රන්‌ මාලයක්‌ සොරකම්‌ කිරීම සම්බන්ධයෙන්‌ පිටකොටුව පොලිස්‌ ස්ථානයට ලද පැමිණිල්ලක්‌ මත විමර්ශන ආරම්භ කර ඇත.

ස්වර්ණාභරන මිලට ගැනීමේ මුවාවෙන්‌ එම වෙළෙඳ සැලට පැමිණි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන්‌ දෙදෙනෙකු විසින්‌ ඔවුන්‌ සමග පැමිණි කුඩා දැරියක්‌ යොදවාගෙන රන්‌ මාලයක්‌ සොරකම්‌ කරන ආකාරය එම වෙළෙඳ සැලේ සවිකර තිබු සීසීටීවී කැමරාවල පටිගතව තිබු දර්ශන පොලිසිය මගින්‌ ලබාගෙන තිබේ.

මෙම සැකකරු හා සැකකාරියන්‌ දෙදෙනා හඳුනාගෙන අන්‌අඩංගුවට ගැනීම සඳහා මොවුන්‌ සම්බන්ධයෙන්‌ යම්‌ තොරතුරක්‌ වෙතොත් පහත සඳහන්‌ දුරකථන අංක වෙත දැනුම්‌ දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටී

දුරකථන අංක

ස්ථානාධිපති පිටකොටුව – 071- 8591555
පිටකොටුව පොලිස්‌ ස්ථානය – 011 – 2320734

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here