තවත්
    මුල් පිටුවදේශීය පුවත්කහතුඩුවෙනුත් මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙක් හමුවේ

    කහතුඩුවෙනුත් මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙක් හමුවේ

    ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර යන මාරාන්තික ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් කහතුඩුවෙන්ද හමුවී තිබේ.

    එම පුද්ගලයා 47 හැවිරිදි අයෙකි. ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන තිබේ.

    එම කොවිඩ් ආසාදිතයා ප්‍රතිකාර සදහා පොළොන්නරුවේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

    එම පුද්ගලයාගේ අඹු දරුවන් ඇතුළු සමතයින් නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඔහු පදිංචිව සිටි කහතුඩුව ජයලියගම ඔහු පදිංචිව සිටි ප්‍රදේශයද මේ වන විට හුදෙකලා කර තිබේ.

    මෙම ආසාදිතයා ප්‍රදේශයේ ජනතාවට එතරම් නිරාවරණය වී නැති බවත් ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇතැයි සැකකරන්නේ ඉදිකිරීම් ආයතනය තුළින් බවත් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img