තවත්
    මුල් පිටුවදේශීය පුවත්වානේ කම්බි සමාගමේ ලක්ෂ 430 ක මුදල් වංචාවේ තව ත් අයෙක් කොටු

    වානේ කම්බි සමාගමේ ලක්ෂ 430 ක මුදල් වංචාවේ තව ත් අයෙක් කොටු

    ව්‍යාජ ලෙස සකස් කළ චෙක්පත් ඉදිරිපත් කර මෙරට ප්‍රමුඛ පෙළේ වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 430ක මුදලක් වංචා කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇඹිලිපිටිය, නව නගරයේදී එම සැකකරුව පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය. සැකකරු 34 හැවිරිදි අයෙක් වන බව ද ඔහු සදහන් කළේය.

    පසු ගිය අප්‍රේල් මස 12 වන දා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට ව්‍යාජ චෙක්පතක් ලබාදී රු ලක්ෂ 130ක මුදලක් ලබාගෙන ඇත්තේ මෙම සැකකරු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද අජිත් රෝහණ මහතා පැවැසීය.

    වානේ සමාගමේ සේවකයින් ලෙස පෙනී සිටිමින් මෙම සැකකරු ඇතුළු පිරිසක් ව්‍යාජ චෙක්පත් බැංකුවට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක මුදලක් වංංචා සහගතව ලබා ගෙන තිබුණි.

    එම මුදල් වංචාව සම්බන්ධයෙන් බැංකු නිලධාරියෙක්, වානේ ආයතනයේ වැඩ කළ පුද්ගලයෙක් හා තවත් සැකකරුවන් 05දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර අත්අඩංගුවට ගත්තේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img