Home දේශීය පුවත් උපාධියක් ඇති පොලිස් පොඩ්ඩන්ට හොද වැඩක් කරන්න යයි

උපාධියක් ඇති පොලිස් පොඩ්ඩන්ට හොද වැඩක් කරන්න යයි

0
උපාධියක් ඇති පොලිස් පොඩ්ඩන්ට හොද වැඩක් කරන්න යයි

උපාධිධාරී පොලිස් කොස්තාපල්වරුන්ට ඉහළට යාමට අවස්ථාවක් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

උපාධිධාරී පොලිස් කොස්තාපල් සහ සැරයන් යන තනතුරුවල රැදී සිටින නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරී තනතුරු හෝ පොලිස් පරීක්ෂක තනතුරු ලබාදීම සුදුසු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් ප්‍රධානීන්ගේ හමුවකදී සදහන් කර ඇත.

උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇතැයිද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here