Home උණුසුම් පුවත් විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති අර්බුදය විසඳෙයි

විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති අර්බුදය විසඳෙයි

විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති අර්බුදය විසඳෙයි

අංජනා මල්ලවාරච්චි

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය පීඑම්සී තිලකරත්න මහතා පත් කරනු ලැබ ඇත.

තිලකරත්න මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මෙරට ප්‍රමුඛ පෙළේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ආයතනයක් වන අතර මහාචාර්ය තිලකරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කලක් ලෙස ද කලක් කටයුතු කර තිබේ.

විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා පසුගිය දිනවල අර්බුදයක් හටගෙන තිබිණ.

විශ්වවිද්‍යාලයේ පාලක සභා මගින් උපකුලපති ධුරයට යෝජනා කළ මහාචාර්යවරුන් තිදෙනාගේම නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම අර්බුදය හටගෙන තිබුණි.

මහාචාර්ය තිලකරත්න මහතාගේ නමද ප්‍රතික්ෂේපිත නම් අතර තිබූ නමුත් පසුව ඔහු එම ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here