මුල් පිටුව උණුසුම් පුවත් සිනමන්ඩ් ග්‍රෑන්ඩ් සේවකයන්ට නොකියාම ලැබුණු බෝනස්

සිනමන්ඩ් ග්‍රෑන්ඩ් සේවකයන්ට නොකියාම ලැබුණු බෝනස්

0

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිය ගණනක් වන සේවකයින්ට අද අපූරු වාසනාවන්ත දිනයක් විය.

ඒ මාස දෙකක වැටුප් එකවර තම බැංකු ගිණුම් වෙත බැරවීම නිසයි.

හෝටල් කාර්ය මණ්ඩලයට මෙලෙස ජුනි මාසයේ වැටුප දෙවරක් බැර වී ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ්හි වැටුප් ලේඛනය හසුරුවන බැංකුවේ පරිගණක දෝෂයක් හේතුවෙනි.

කෙසේවෙතත් බැංකුවේ ගිණුම්කරණ දෝෂය වටහා නොගත් බොහෝ සේවකයන් එය වසර මැද නොකියාම ලබාදුන් ප්‍රසාද දීමනාවක් යැයි සිතමින් මුදල් ඉවත් කරගෙන සාක්කුවට ද දමාගෙන තිබුණි.

මේ නිසාම ජෝන් කීල්ස් සමූහය සතු සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයින්ට වැඩිපුර ගෙවා ඇති මුදල් ආපසු අයකර ගැනීම තවත් අසීරු වී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version