Home උණුසුම් පුවත් පාස්පෝට් හදන්න අවශ්‍ය අයට පණිවුඩයක්

පාස්පෝට් හදන්න අවශ්‍ය අයට පණිවුඩයක්

පාස්පෝට් හදන්න අවශ්‍ය අයට පණිවුඩයක්

අංජනා මල්ලවාරච්චි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ මාතර, වව්නියාව, මහනුවර කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල වල සේවා ආරම්භ කර ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් යූ.වී.සරත් රූපසිරි මහතා පැවසීය.

එම කාර්යාලවල සීමිත සේවාලාභීන් පිරිසකට පමණක් සේවය සලසන බව ද ඔහු කීය.

ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් ලබා දීමට එම කාර්යාලවල පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා කාලය වෙන්කර තිබෙන අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වන බත්තරමුල්ල කාර්යාලයේ සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන්ට 0707101060 හෝ 0707101070 යන දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබාගෙන ඒ සඳහා වේලාවක් වෙන්කර ගත හැකි බවද ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here