Home උණුසුම් පුවත් වෙනත් පාසල්වලට ගිය ජාතික පාසල් ගුරුවරුන් පාසල් විවෘත වූ පසු යළි කැඳවෙයි

වෙනත් පාසල්වලට ගිය ජාතික පාසල් ගුරුවරුන් පාසල් විවෘත වූ පසු යළි කැඳවෙයි

වෙනත් පාසල්වලට ගිය ජාතික පාසල් ගුරුවරුන් පාසල් විවෘත වූ පසු යළි කැඳවෙයි

අංජනා මල්ලවාරච්චි

අනුයුක්තියක් ලබා වෙනත් පාසල්වල සේවය කරන සියලුම ජාතික පාසල්වල ගුරු භවතුන් පාසල් යළි ආරම්භ කළ පසුව තමන් සේවය කළ මුල් පාසලට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

සියලුම ජාතික පාසල්වල ගුරු භවතුන් පාසල් වසා තිබෙන කාලය තුළ නිත්‍ය සේවා ස්ථානයෙන් පිටත වෙනත් පාසලක සේවය කරමින් සිටී නම් එම සේවා කාලය නිම වූ පසු වහාම මුලින් සේවය කළ තමන්ට අයිති පාසලට වාර්තා කළ යුතු බව ද මහාචාර්ය ජීඑල් පීරිස් මහතා කීය.

අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසුව නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශය සහිතව නැවත අධ්‍යාපන අමාත්‍යංශය වෙතින් ඉල්ලීමක් කළ යුතු බවද අධ්‍යාපනය ඇමැතිවරයා පැවැසීය.

ජාතික පාසල් පාසල්වල ගුරුවරුන්ගෙන් ඇතැම් පිරිසක් තමන් සේවය කරන පාසලේ සිට විවිධ හේතූන් මත වෙනත් පාසල්වලට අනුයුක්ත කර තිබෙන අතර මෙම නීතියට අනුව එම අනුයුක්ත කාලය අවසන් වූ ගුරුවරුන් නැවත තමන්ට හිමි මුල් පාසලට වාර්තා කළ යුතු බවද අධ්‍යාපන ඇමැතිවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here