Home උණුසුම් පුවත් ගිනිගත් මෙසීනා නැව සිංගප්පූරුවට ඇදගෙන යාමේ සූදානමක්

ගිනිගත් මෙසීනා නැව සිංගප්පූරුවට ඇදගෙන යාමේ සූදානමක්

ගිනිගත් මෙසීනා නැව සිංගප්පූරුවට ඇදගෙන යාමේ සූදානමක්

එම්.එස්. සි. මෙසීනා නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් ඇතිවීමෙන් පසු නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් කාබන් ඩයොක්සයිඩ් භාවිතා කොට ගින්න පාලනය කරනු ලැබුවද එම ස්ථානයෙන් සුළු ධුමාරයක් තවමත් පිටවන බව නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

එම නෞකාව සමග ඍජු සම්බන්ධීකරණය සඳහා තවමත් හැකි වී නැති නමුත් එය ආසන්නයේ ඇති එම්.එස්. සි. ඩෙයිලා නෞකාව අනතුරට ලක් වී ඇති නෞකාවට සහයෝගය ලබා දෙමින් ඒ සමග සම්බන්ධතා පවත්වනු ලබන බව ද වරාය අධිකාරිය කියයි.

නෞකාවේ තිබූ බහලු 2000 ක් පමණ කොළඹ වරායේ මෙහෙයුම් වලදී නිදහස් කළ පසු සිංගප්පුරුව බලා යාත්‍රා කරන විට එහි තිබී ඇත්තේ බහලු 38 පමණි.

අනතුරට ලක්වී ඇති කෞකාව පරික්ෂා කිරීම සඳහා ටග් යාත්‍රාවක් නෞකාව වෙත ලඟා වී ඇත.

පසුගිය ජුනි 22 වැනිදින එම්.එස්. සි. මෙසීනා කොළඹ වරායට සේන්දු වූ අතර මෙහෙයුම් කටයුතු අවසන් කිරීමෙන් පසු පසුගිය ජුනි 23 වැනි දින පස්වරු 03. 45ට කොළඹ වරායෙන් පිටත් වී තිබේ.

මීටර් 300 කින් දිගු නෞකාවේ කාර්ය මණ්ඩලය 38 දෙනෙකුගෙන් සමන්විත වේ. ලැබී ඇති තොරතුරු වලට අනුව නෞකාවේ හිමිකරුවන් අදාළ නෞකාව සිංගප්පූරුවට රැගෙන යාමට බොහෝදුරට තීරණය කරනු ඇතැයි සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here