Home උණුසුම් පුවත් රුසියාවේ මෙරට තානාපතිවරයා පේරාදෙණිය සරසවියේ උපකුලපති ධුරයට

රුසියාවේ මෙරට තානාපතිවරයා පේරාදෙණිය සරසවියේ උපකුලපති ධුරයට

රුසියාවේ මෙරට තානාපතිවරයා පේරාදෙණිය සරසවියේ උපකුලපති ධුරයට

අංජනා මල්ලවාරච්චි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ.

මහාචාර්ය ළමාවංශ මහතා ලබන පළමු දා සිට පලමුදා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිස් වසරක පමණ සේවා කාලයක් සම්පූර්ණ කළ ළමාවංශ මහතා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය.

වයඹ විශ්ව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා වූයේ ද මහාචාර්ය ළමාවංශ මහතාය.

ඒ මහතා මීට වසරකට පමණ ඉහතදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරිණ.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී උපකුලපති තනතුර භාර ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here