Home අධ්‍යාපනය ඔන්ලයින් අධ්‍යාපනය නැති දරුවන් වෙනුවෙන් ගම්මැද්ද තක්සලාව ඇරඹේ

ඔන්ලයින් අධ්‍යාපනය නැති දරුවන් වෙනුවෙන් ගම්මැද්ද තක්සලාව ඇරඹේ

ඔන්ලයින් අධ්‍යාපනය නැති දරුවන් වෙනුවෙන් ගම්මැද්ද තක්සලාව ඇරඹේ

අධ්‍යාපනය සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක්. එහෙත් විවිධ හේතු මත ඒ අයිතිය සෑම දරුවෙකුට ම එක හා සමානව නොලැබෙන බව රහසක් නොවෙයි.

පවතින වාතාවරණය තුල මේ තත්ත්වය තවත් තීව්‍ර වී තිබේ. online අධ්‍යාපනය ක්‍රමවේදය ඊට පිලිතුරක් ලෙස හඳුන්වා දී තිබුණත්, ප්‍රායෝගික භාවිතයේදී රටේ දරුවන් විශාල ප්‍රමාණයක් තවමත් මෙම අර්බුදයට මුහුණ දෙමින් සිටින බව ඉතා පැහැදිලිව දැකිය හැකිය.

එවැනි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ශක්තියක් වීමේ අරමුණින් , Tv1 නාලිකාව විසින් ගම්මැද්ද තක්සලාව අධ්‍යාපනික වැඩසටහන් මාලාව දැනටමත් ආරම්භ කර ඇත්තේ ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි ඉදිරියට ගෙන යාමේ අරමුණ ඇතිවයි.

Tv1 නාලිකාව ඔස්සේ ගම්මැද්ද තක්සලාව විකාශනය වන අතර , මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙල සිසුන් සඳහා ප්‍රවීණ ආචාර්යවරුන් මගින් ගණිතය සහ විද්‍යාව විෂයන්හි ඉගැන්වීම් කටයුතු අරඹා තිබේ.

ජූනි 28 වන දා සිට එය තව දුරටත් පුළුල් වයස් පරාසයන් කරා ගෙන යාමට කටයුතු සූදානම් කර ඇති අතරම, දැරුවන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ගම්මැද්ද තක්සලාව යූ ටියුබ් නාලිකාවට එම සියලු දේශන මුදාහැර තිබෙන බවද මෙහිලා සඳහන් කළ යුතුය.

දැනට අ.පො.ස සාමාන්‍යය පෙළ සිසුන් සඳහා අරඹා ඇති වැඩසටහන් සහ ජූනි 28 වෙනිදා සිට හඳුන්වා දීමට නියමිත නව දේශන මාලාවන්ට අදාල කාල වේලාවන් පහත පරිදි වෙන් කොට ඇත.

👇👇👇👇👇👇
ගම්මැද්ද තක්සලාව TV 1
free to air

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා
*සතියේ සෑම දිනකම
පෙ.ව8 – 9 දක්වා
*නැවත විකාශය
ප.ව. 4-5
*දමිළ මාධ්‍යය සිසුන් සඳහා ශක්ති ටීවී විකාශයේ නැවත විකාශය
ප.ව. 6-7

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා

*සතියේ සෑම දිනකම පෙ.ව.9-10
*නැවත විකාශය
ප.ව 3-4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here