Home උණුසුම් පුවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපෑල දින 2කදී වැඩිම ආදායම වාර්තා කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපෑල දින 2කදී වැඩිම ආදායම වාර්තා කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපෑල දින 2කදී වැඩිම ආදායම වාර්තා කරයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපැල් දෙපාර්තමේන්තුව වැඩිම අදායම් ලැබීමට ගත වූ පැය 48 ක කාලය තුළ සමත්ව තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම අසීරු කාලය තුළ නිහඬ සේවයක් කරන ආයතනයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව හැඳින්විය හැකි බවයි.

ඒ අනුව පවත්නා වසංගත තත්ත්වය තුළ දී වුව ද, මේ වන විට පවුල් ලක්ෂ 17 කට බෙහෙත් නිවසටම ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, මෙම Covid – 19 වසංගතයත් සමඟ පවුල් ලක්‍ෂ 17 කට නිවෙස්වලට බෙහෙත් ලබා දීමේ පළමු වටයේ වැඩපිළිවෙල මෙන්ම ඊට පසුවත්, මෙම අපහසු කාල පරිච්ඡේදය තුළත් ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩව ගෙනයාම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යය මණ්ඩලය වෙත බෙහෙවින් ස්තුතිවන්ත වන බව ද ඒ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම, මරණ සංඛ්‍යාව ගෙන විශ්ලේෂණය කර බලන කළ සංකුලතාවයන් වැඩිවන පිරිස් බොහෝ විට මිය යන බව දක්නට ලැබී ඇති බවත්, ඊට එක හේතුවක් වන්නේ නිසි පරිදි නිසි වෙලාවට බෙහෙත් නොලැබීමට තිබූ නොහැකියාව බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදුව, තැපැල් දෙපාර්තමේන්තුව සිදු කරන නිහඬ සේවය තුළ නොපෙනෙන මරණ සංඛ්‍යාව අවම කිරීමට දායක වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here