Home උණුසුම් පුවත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් 3-4 දෙනෙක් සහල් හංගන මාෆියාවක්

මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් 3-4 දෙනෙක් සහල් හංගන මාෆියාවක්

මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් 3-4 දෙනෙක් සහල් හංගන මාෆියාවක්

මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් තුන්හතර දෙනකු විසින් සිදුකරන රටේ පවතින සහල් මාෆියාවට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට රජය පියවර ගත් බව රජයේ කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙරට ඩොලර් සංචිතය අර්බුදකාරී තැනකට පැමිණ ඇති බැවින් වාහනය ආනයනය සීමා කර ඇති රජයට සහල් ආනයනය මගින් එම සංචිතයට ගැටලුවක් නොවේද යන්න පිළිබඳ මෙහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ ය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊට පිළිතුරු දුන්නේ “විදේශ සංචිත ස්ථාවර කරගැනීමට අදාළ කටයුතු රජයේ අදාළ පාර්ශ්ව විසින් කරගෙන යනවා. සහල් සහ වාහන කියන්නේ අහසයි පොළවයි වගේ. අත්‍යාවශ්‍ය දේවල් ගැන රජය හැමවිටම මූලික අවධානය දෙනවා” යනුවෙනි.

මෙහිදී කැබිනට් සම-ප්‍ර්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් 3-4 දෙනෙක් විසින් සහල් තොග වෙළඳපොළට නිකුත් නොකොට සිදුවන මාෆියාවට විසඳුමක් ලෙස සහල් ආරක්ෂිත තොගයක් සඳහා ආනයනයට පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here