Home COVID රට පුරා සුරාසල් පරීක්ෂාවක්

රට පුරා සුරාසල් පරීක්ෂාවක්

රට පුරා සුරාසල් පරීක්ෂාවක්

අංජනා මල්ලවාරච්චි

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුව කටයුතු කරන සුරා සැල් වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විවෘත කිරීමට අවසර ලබා දී ඇති සුරාසැල් ආශ්‍රිතව පාරිභෝගිකයින්ගේ තදබදය වළක්වා ගත යුතු අතර දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් හා සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මත්පැන් අලෙවිය සිදු කළ යුතු බව උපදෙස් ලබාදී ඇතැයි ද සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

සුරා සැල්වල සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමට බලපත්‍ර ලත් ස්ථාන නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරිම සඳහා දිවයින පුරා සියලුම සුරාසැල් පරීක්ෂාකිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇති බව ද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here