තවත්
    මුල් පිටුවදේශීය පුවත්සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන්නේ ජනතාව පීඩනයෙන් මුදා ගැනීමට බව වෙළද අමාත්‍යාංශය...

    සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන්නේ ජනතාව පීඩනයෙන් මුදා ගැනීමට බව වෙළද අමාත්‍යාංශය කියයි

    සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (21) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    මෙරට ජනතව මුහුණ චෙමින් සිටින පීඩිත තත්ත්වයන් හමුවේ තවදුරටත් ඔවුන් වෙත පීඩනය එල්ල කරමින් සහල් මිළ ඉහළ දැමීමට සහල් නිෂ්පාදනකරුවන් සහ වෙළදුන් විසින් කටයුතු කිරීම හේතුවෙන් අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව වෙළද අමාත්‍යංශය සදහන් කරයි.

    අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැංවීම සදහා වී තොග සහ සහල් තොග සගවා මෙරට වෙළදපොළ තුළ කෘතිම සහල් හිගයක් මවා පෑමට ගත් උත්සහයන් සෑම අන්දමින්ම ව්‍යාර්ථ කිරීම අරමුණු කරගනිමින් මෙසේ සහල් ආනයනය කිරීමේ තීරණයට එළඹීමට සිදුවූ බවද වෙළද අමාත්‍යාංශය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img