Home උණුසුම් පුවත් ටිපර් රථ රියදුරුට වෙඩි තැබූ රාජ්‍ය ඇමතිගේ ආරක්ෂකයා අත්අඩංගුවට

ටිපර් රථ රියදුරුට වෙඩි තැබූ රාජ්‍ය ඇමතිගේ ආරක්ෂකයා අත්අඩංගුවට

0
ටිපර් රථ රියදුරුට වෙඩි තැබූ රාජ්‍ය ඇමතිගේ  ආරක්ෂකයා අත්අඩංගුවට

රාජ්‍ය ඇමති එස්. වියාලේන්ද්‍රන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටියදී ටිපර් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කළ පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලයද පොලිස් භාරයට ගත් බවත් එය ඔහුට පොලීසියෙන් නිකුත්තර තිබූවක් බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

ටිපර් රථ රියදුරු සමග ඇති පුද්ගලික ආරවුලක් මත කොස්තාපල්වරයා එම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයිද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මඩකලපුව සින්නවූර්නි හී පිහිටි රාජ්‍ය ඇමතිවරයාගේ නිවස ඉදිරිපිටදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මහාලිංගම් බාලසුන්දරම් නැමැති 35 වියැති පුද්ගලයෙකි. එම පුද්ගලයා මඩකලපුව බාබර් පාරේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරිම්බරාජා ලිංගේෂ්වරන් නැමැති

කොස්තාපල්වරයාව අද (22) මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here