හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටින ගුවන් හමුදා සෙබලෙක් නිවෙස් බිදුම් සහ සොරකම් රැසක් සම්බන්ධයෙන් හිගුරක්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබලා රාත්‍රී කාලයේ කදවුරෙන් පිටතට ගොස් නිවෙස් බිද රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීම් වල නිතරව සිට ඇතැයි හිගුරක්ගොඩ පොලීසිය සදහන් කරයි.
2019 වසරේ සිට හිගුරක්ගොඩ දිගින් දිගටම නිවෙස් බිද සිදුකරන සොරකම්වල ඉහළ යාමක් සිදුවූ බවත් ඒ ගැන කෙරුණු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුඅත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
මෙම ගුවන් හමුදා සෙබලා මොණරාගල පදිංචිකරුවෙකි. සොරකම් වලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් කැබ් රථයක්ද මිරිස් ඇඹරුම් යන්ත්‍රයක්ද ඔහුගේ නිවසේ තිබී සොයාගත් බව අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම සෙබලා සොරාගන්නා රන් භාණ්ඩ උණුකර අලෙවිකර ඇති බවත් රන් භාණ්ඩ උණු කිරීමට යොදා ගන්නා උපකරණ කිහිපයක්ද මොණරාගල ඔහු පදිංචි නිවස කිට්ටුව කැළෑබද ස්ථානයක සගවා තිබී සොයාගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.