Home COVID රතු කුරුස සංවිධානයෙන් මිලියන 35ක උපකරණ තොගයක් රෝහල්වලට දෙයි

රතු කුරුස සංවිධානයෙන් මිලියන 35ක උපකරණ තොගයක් රෝහල්වලට දෙයි

රතු කුරුස සංවිධානයෙන් මිලියන 35ක උපකරණ තොගයක් රෝහල්වලට දෙයි

අංජනා මල්ලවාරච්චි

ලංකා රතුකුරුස සංවිධානය රුපියල් මිලියන 35ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

රෝහල් උපකරණ ශ්වසන ආධාරක, රුධිරයේ ඔක්සිජන් මැන බැලීමේ යන්ත්‍ර සහ දැඩි සත්කාර ඇඳන් එම උපකරණ තොගයට අයත්ය.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතා විසින් එම උපකරණ තොගය ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දෙනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here