තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයමේ වසර අවසාන වනවිට මාර්ග කිලෝමීටර් 25,000ක සංවර්ධන ඉලක්කයක් - ඇමති ජොන්ස්ටන්

    මේ වසර අවසාන වනවිට මාර්ග කිලෝමීටර් 25,000ක සංවර්ධන ඉලක්කයක් – ඇමති ජොන්ස්ටන්

    මේ වර්ෂය අවසාන වන විට මාර්ග කිලෝමීටර් 25,000ක් සංවර්ධනය කර ජනතාව වෙත ලබා දීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ 2021 වසරේ දෙවන කාර්තුව වන විට මාර්ග 12,336ක මාර්ග කිලෝමීටර් 17,311.27ක ප්‍රමාණයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

    මේ තුලින් ගම් දනව්වල පවතින ගමනාගමනයට අපහසු කුඩා මාර්ග කාපට් කිරීම මෙමගින් සිදුකෙරේ.

    එමෙන්ම ප්‍රධාන මාර්ග පද්ධතියේ ඇති මාර්ගද සංවර්ධනය කොට අධිවේගී මාර්ග වලට තදබදයකින් තොරව ඇතුල් විය හැකි මාර්ග, ප්‍රධාන නගර වලට ලගාවීමට ඇති විකල්ප මාර්ග මෙම කිලෝමීටර් 100,000 මාර්ග ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.

    මෙසේ සංවර්ධනය කරන මාර්ග වල ඉදිකිරිම් පරිසරය රැකෙන පරිදි සිදු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    මේ යටතේ සංවර්ධනය කරනු ලබන මාර්ග වැඩි ප්‍රතිලාභ හිමිවන අයුරින් සහ කල්පැවැත්ම කෙරෙහි වැඩි අවදානය යොමු කරමින් තත්ත්ව පරීක්ෂණ ක්‍රමවේදයන්ට අනුව සංවර්ධනය කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් 2024 වර්ෂය අවසන් වන විට රටපුරා විහිදී ඇති අබලන් ග්‍රාමීය මාර්ග හා විකල්ප මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img