තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙක් මාදිවෙලත්

    ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙක් මාදිවෙලත්

    ඉන්දියාවේ ව්‍යාප්තවන මාරාන්තික ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙක් මාදිවෙල ප්‍රගතිපුරෙන්ද හදුනා ගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා අද (21) අනාවරණය කළේය.

    ඉන්දියාවේ ව්‍යාප්ත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවෙක් මෙරටින් මුල් වරට හදුනා ගන්නේ දෙමටගොඩ ආරාමය පෙදෙසිනි. දෙමටගොඩින් සිව් දෙදෙනක් සහ මාදිවෙලින් එක් අයෙක් හදුනා ගැනීමත් සමග මේ වන විට ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් පස් දෙනෙක් මේ වන විට මෙරටින් හදුනාගෙන ඇතැයිද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.

    එම ආසාදිතයන් පස් දෙනාගෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ දෙදෙනෙක් පමණක් බවත් සෙසු තිදෙනා සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img