තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලොක්ඩවුන් අස්සේ පැවති මොරටුමුල්ලේ බූරු පොල වටලයි

    ලොක්ඩවුන් අස්සේ පැවති මොරටුමුල්ලේ බූරු පොල වටලයි

    සංචරණ සීමා නොතකමින් අඹු සැමි යුවලක් විසින් මොරටුමුල්ලේ පිහිටි සිය නිවසේ පවත්වාගෙන ගිය බූරු පොලක් වැටලූ ගල්කිස්ස පොලීසියේ විශේෂ කණ්ඩායමක් කාන්තාවන් 06 දෙනෙක්ද සමග 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සංචරණ සීමා ආරම්භ වූ දින සිට මෙම බූරු පොල පවත්වාගෙන ගොස් ඇති අතර ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් එම ස්ථානය වැටලීමකට ලක්ව නැත. මේ ගැන ප්‍රදේශ වාසීන්ම ගල්කිස්ස පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව වැටලීම ඊයේ (20) සිදුව ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අඹු සැමි යුවලද සිටින බව පොලීසිය කියයි. වැටලීම සිදුවන විටත් බූරු පොලේ ලක්ෂ එකහාමාරක පමණ මුදලක් ඔට්ටු අල්ලමින් තිබී ඇත. එම මුදලද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img