Home දේශීය පුවත් උණුසුම් පුවත් සති දෙකකට පසු දෛනික කොවිඩ් මරණ 50 ට අඩු අගයක

සති දෙකකට පසු දෛනික කොවිඩ් මරණ 50 ට අඩු අගයක

0
සති දෙකකට පසු දෛනික කොවිඩ් මරණ 50 ට අඩු අගයක

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ (19) මරණ 47 ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (20) සවස නිවේදනය කළේය.

ඉකුත් 07 වෙනිදායින් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ වාර්තාවලට අනුව දෛනික කොවිඩ් මරණ ගණන ‍මේ දක්වා 50 ඉක්මවා තිබුණි. ඒ අනුව සති දෙකකට පමණ පසු කොවිඩ් මරණ ගණන 50 කට අඩු අගයක් ගන්නේ අද නිකුත් කළ කොවිඩ් මරණ සම්බන්ධයෙන් වූ වාර්තාවෙනි.

අද වාර්තා වූ කොවිඩ් මරණද සමග කොවිඩ් 19 වෛරසය ආසාදිතව මෙරට මේ වන විට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2581 ක් දක්වා ඉහළ ගියේය.

අද වාර්තා වූ මරණ 47න් 20 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here