සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු බව කියන තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනකු තලවකැලේ පොලීසිය විසින් අද (20) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ඉහල කොත්මලේ ජලාශය ආසන්නයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි මෙම සාදය පවත්වා ඇතැයි පොලිසිය කියයි. 50 කට වැඩි පිරිසක් සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවට පොලීසියට ලද නිර්නාමික තොරතුරකට අනුව එහි ගිය බවත් ඒ යන විට එතරම් පිරිසක් එහි නොසිටි බවත් පොලීසිය කියයි. පොලීසිය එහි යන විට කිහිප දෙනෙක් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ නගරාධිපතිවරයාත් ඔහුගේ පුතාත් රියදුරුත් නගරාධිපතිවරයාගේ ආරාධනයෙන් එම සාදයට සහභාගිවී සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් ඇතුළු 07 දෙනෙක් පමණක් පමණි.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් කිහිප දෙනකු සම්බන්ධ කර ගනිමින් සභාපතිවරයා මෙම සාදය දහවල් කාලයේ සිට පවත්වා ඇති බව සදහන්ය.
සභාපතිවරයා සිය පුතාද සමග එහි පැමිණි ඇත්තේ නගර සභාවට අයත් කැබ් රථයකිනි. එම කැබ් රථයද පොලිස් භාරයටය ගෙන ඇත.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් නිරෝධායනයට යොමු කරන බව සදහන් කිරීම හේතුවෙන් පොලිස් ඇප මත අත්අඩංගුවට ගත් පිරිස මුදැ හැරීමට පියවර ගත් බවත් අධිකරණයට මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු වාර්තා කරන බවත් පොලීසිය කියයි.