Home COVID විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෙනුවට සමිත ගිනිගේ පත්වෙයි

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෙනුවට සමිත ගිනිගේ පත්වෙයි

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෙනුවට සමිත ගිනිගේ පත්වෙයි

අංජනා මල්ලවාරච්චි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.

ඔහු කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥයා ලෙස මෙතෙක් කටයුතු කළේය.

1994 වසරේදී වෛද්‍ය වෘත්තියට පිවිසි ගිනිගේ මහතා 2007 වසරේ සිට විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරයි.

හෙතෙම වසර පහළොවකට වැඩි කාලයක් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ කටයුතු කරමින් සිටින විශේෂඥයෙකි.

ඔහු 2019 නියෝජ්‍ය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ලෙස පත්විය.

මේ අතර මෙතෙක් කටයුතු කළ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here