එක් එක් ආයතන වෙත බෙදාදී ඇති කාර්යයන් නිසි අයුරින් ඉටුනොවීමෙන් ජනතාව මෙන්ම රජය ද අපහසුතාවට පත්වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත්බිම් ජල ගැලීම්වලට ලක්වීමෙන් ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳ ඊයේ (18) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ය.
මේ වන විට අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත්බිම් ජල ගැලීම්වලට ලක්වීමෙන් ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනතාවට එලෙස කඩිනම් විසඳුම් ලබා දිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයට යටත්ව ලබා දෙන බව ද කී අගමැතිවරයා පෙතියාගොඩ, අඹතලේ, ඔලියමුල්ල ජල පොම්පාගාර ආශ්‍රිතව කළ යුතු සංවර්ධන ව්‍යාපෘති, වැසි ජලය බැස යන ඇළ මාර්ග පවිත්‍ර කිරීම සහ සංවර්ධනය කිරීම, නව පොම්පාගාර මගින් ජලය බැහැර කිරීම මෙන් ම ජනතාව පහත් බිම්වල ජල ගැලීම්වලට ගොදුරු නොවන ආකාරයට පදිංචි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ ව මෙහි දී අවධානය යොමු කළේය.
සාමුහිකව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට වගකීමක් තිබෙන බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර ඇත.
විවිධ රාජ්‍ය ආයතන වෙත අලුතින් අනියුක්ත කර ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායේ රැකියාලාභීන් රටේ සංවර්ධන කාර්යයන් සඳහා යොදාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.
එසේම කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මගී බෝට්ටු ප්‍රවාහන සේවය නිසි නියාමන ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රමවත් කළ යුතු බව ද සඳහන් කර ඇත.