තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පොල් ගෙඩියේ උපරිම සිල්ලර මිල ඉවතට

    පොල් ගෙඩියේ උපරිම සිල්ලර මිල ඉවතට

    පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමේ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයෙ (18) රාත්‍රියේ ප්‍රකාශයට පත්කර තිබේ.

    පොල් මිල ඉහහළ යාමත් සමග 2020 වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පාරිභෝගිය අධිකාරිය විසින් පනවනු ලැබීය.

    වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද එම ගැසට්ටුවෙන් නියම කළේය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ නිකුත් කළ 2232/ 38 දරණ ගැසට් පත්‍රය මගින් පෙර ගැසට්පත්‍රය අවලංගුකරමින් පොල් ගෙඩියට පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img