Home උණුසුම් පුවත් පොලිස් නිලධාරියෙකුගෙන් අවැඩක් වුණොත් පැමිණිලි කරන්න අංකයක්

පොලිස් නිලධාරියෙකුගෙන් අවැඩක් වුණොත් පැමිණිලි කරන්න අංකයක්

පොලිස් නිලධාරියෙකුගෙන් අවැඩක් වුණොත් පැමිණිලි කරන්න අංකයක්

පොලිස් නිලධාරියෙක්ගෙන් යම් ආකාරයක අසාධාරණයක් සිදුවූයේ නම් ප්‍රද්ශයේ ඉහළ නිලධාරීන්ට දැනුම් දිය හැකි බවත්, විශේෂ තත්වයක් යටතේ එවන් සිදුවීමක් සිදුවී ඇත්නම් පොලිස් අණ දෙන මැදිරියේ 0112854880 යන අංකයට දැනුම් දිය හැකි බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

‘පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් කළ විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.

පොලිස් අණ දෙන මැදිරියේ පැය 24 පුරාවටම සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ නිලධාරියකු සිටින බවත් එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

සැබෑ ලෙසම අසාධාරණයක් සිදුවී නම් පමණක් එම අංකයට දැනුම් දෙන ලෙසත් එසේ නොමැති නම් [email protected] යන විද්‍යුත් තැපෑලට පැමිණිලි ගොනු කළ හැකි බවත් නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here