Home දේශීය පුවත් කොළඹ වරායේ සිට ඉන්දියාව බලා යාත්‍රාකරමින් ඇති නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායේ සිට ඉන්දියාව බලා යාත්‍රාකරමින් ඇති නෞකාවක ඉන්ධන කාන්දුවක්

0
කොළඹ වරායේ සිට ඉන්දියාව බලා යාත්‍රාකරමින් ඇති නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්දියා වරාය වෙත යාත්‍රා කරමින් ඇති පෘතුගාලයේ ලියාපදිංචි “එම්.ඩී ඩෙවෝන්” නම් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකාව පෙරේදා (16) කොළඹ වරායෙන් ගමන් ආරම්භ කර ඇත. ඉන්ධන ටැංකියකට හානි සිදුවීමත් සමඟ එම ඉන්ධන කාන්දුව හටගෙන ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.

චෙන්නායි සිට නාවික සැතපුම් 250ක් පමණ දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී නෞකාවේ මෙම ඉන්ධන කාන්දුව පිළිබඳ තොරතුරු වාර්තා වූ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය එරට මාධ්‍යට සඳහන් කර තිබේ.

හානිය සිදුව ඇති ඉන්ධන ටැංකියේ ඉතිරි ඉන්ධන වෙනත් ටැංකියක් වෙත මාරු කිරීමට නෞකාවේ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.

නෞකාව මේ වන විට නියමිත ගමනාත්තය වෙත ළඟාවෙමින් ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here