Home දේශීය පුවත් පොලීසියේ ලොකු පුටුවල වෙනසක්

පොලීසියේ ලොකු පුටුවල වෙනසක්

0
පොලීසියේ ලොකු පුටුවල වෙනසක්

පොලීසියේ ඉහළ පුටු රැසක වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිතව ඇත.

ඒ අනුව පොලීස්පතිගෙන් පසු පොලීසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන නන්දන මුණසිංහ මහතා උතුරුමැද පළාත්භාර පොලිස් ප්‍රධානී තනතුර අතහැර පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව තිබේ.එතැන් පටන් ශ්‍රී ලංකා පොලීසියේ දෙවැනියා වන්නේ නන්දන මුණසිංහ මහතාය.

අපරාධ, අපරාධ බුද්ධි, රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා උතුරුමැද පොලිස් ප්‍රධානියා ලෙස පත්කෙරීමට යෝජනා වී තිබේ. එසේම උතුරු පළාත් භාරව මේ වන විට සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වයඹ පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසද පත්කිරීමට නියමිතව ඇත.

ඊයේ දිනයේ උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන කිත්සිරි ජයලත් මහතා උතුරු පළාත් පොලිස් ප්‍රධානියා ලෙසත් රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ, අපරාධ බුද්ධි , රථවාහන අංශය භාරවත්, රජිත ශ්‍රී දමින්ද මහතා දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසත් පත්කිරිමට පොලිස් මූලස්ථානය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here