Home දේශීය පුවත් උණුසුම් පුවත් හරීන්ගේ නිවස පොලීසිය වටලයි

හරීන්ගේ නිවස පොලීසිය වටලයි

0
හරීන්ගේ  නිවස පොලීසිය වටලයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පදිංචිව සිටින වත්තල අල්විස් ටවුමේ පිහිටි නිවස මාධ්‍යවේදීන්ද පිරිවරාගත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (17) සවස වටලනු ලැබීය.

පොලිසියේ රථ 04 ක් එම ස්ථානයට ගොස් තිබුණු අතර සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ද ඒ අතර සිට ඇත. පැමිණි පොලිස් නිලධාරීන් පොලිස් ස්ථාන කිහිපයකට අයත් බවත් උසස් පොලිස් නිලධාරියෙකුගේ නියෝගයකින් එහි ගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එසේ හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසට පොලීසිය වටලනු ලැබුවේ ඇයි දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසුමකදි ඒ මහතා සදහන් කරනු ලැබුවේ පොලීසියට ලැබි තිබුණු යම් තොරතුරකට අනුව පොලීසිය ඒ ගැන පරීක්ෂා කිරීමට එහි ගොස් ඇති බවය.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පිරිසකගේ රැස්වීමක් පැවැත්වෙන බවට ලැබී ඇති තොරතුරකට අනුව එසේ පොලීසිය ක්‍රියාත්මකවී ඇති බව පොලිස් තොරතුරු සදහන් කළේය.

එහෙත් පොලීසිය එහි යන විට එවැනි රැස්වීමක් හෝ රැස්වීමක සලකුණක්වත් පෙනෙන්නට තිබී නැත. එම නිසා පොලීසියට සිදුව ඇත්තේ නැවත හැරී යන්නටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here