Home උණුසුම් පුවත් කොවිඩ් නිසා කෝප් කමිටුවත් ඔන්ලයින්

කොවිඩ් නිසා කෝප් කමිටුවත් ඔන්ලයින්

කොවිඩ් නිසා කෝප් කමිටුවත් ඔන්ලයින්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 අභියෝගය හමුවේ කෝප් කමිටු රැස්වීම් මාර්ග ගත (On Line) ක්‍රමයට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ය.

ඒ් අනුව අදාල රාජ්‍ය ආයතනවල සභාපතිවරයා සහ ගණකාධිකාරීවරයා මෙන්ම එම රාජ්‍ය ආයතනය අදාල අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් කාරක සභාව වෙත කැඳවා අනෙකුත් නිලධාරීන් ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ කර ගැනීමට මෙහිදී අවධානය යොමු කෙරෙනු
ඇත.

කමිටු සාමාජිකයන් සඳහා පැවැත්වෙන මෙම රැස්වීමේදී කෝප් කමිටුව විසින් 09 වන පාර්ලිමේන්තුව වෙත මෙතෙක් ඉදිරිපත් කොට ඇති වාර්තා 02 මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සඳහා දෙන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවීමට නියමිත ආයතන මොනවාද යන්න තීරණය කිරිමටද මෙහිදී බලාපොරොත්තු වන බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here